එන්නත නොගත්තොත් බස් ගාස්තුව දෙගුණ වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

හෙට (01) සිට අන්තර් පළාත් බස්රථ ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වත  අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

, බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බවද ඒ මහතා පැවසීය .

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මෙසේද සඳහන් කළේය

“ඩෙල්ටා වෛරසය හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා සංගමයක් විදියට මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න. මේ ගැන අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරනවා. දුර සේවා බස්රථවල යෑමේ දී එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි සියලුම මගීන් එන්නත් ලබාගත් කාඩ් පතෙහි ඡායාරූපයක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුයි. ඡායාපිටපතක් අරගෙන තමයි බස්රථයට ගොඩවීමට අපි ඉඩදෙන්නේ. එහෙම නැතු වුණොත් ද්විත්ව ආසනයකට එක් අයෙකුට යන්න වෙන්නේ. එතකොට ගාස්තුව දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බස්රථ ආසනයට එක්කෙනා බැගින් ගෙනියනවා. ඒ බස්රථවලත් ඡායාපිටපත අනිවාර්යයි. අපි සැලසුම් කරනවා ආසනයෙන් එක් අයෙක් යනවා නම් ගාස්තුවෙන් එකහමාරක ප්‍රමාණයක් අය කරන්න.”