ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් මර්දන එන්නත් සම්පූර්ණයෙන්ම ලබාගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන්ට නව නිරෝධායන නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණෙන අවස්ථාවේ සිදු කරන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් දින 14ක් නිරෝධායනය නොවී නිවෙස් වෙත යෑමේ අවස්ථාව හිමි වනු ඇති.
කෙසේ වෙතත් ඔවුන් දින 7කින් පසු නැවත PCR පරීක්ෂාවක් යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.