එපා කී චීන පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙයි

Picture of Roshan

Roshan

Organic manure in the sack

දම්පත් රණසිංහ

අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ චීන පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට පෙරේදා (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත එම ගෙවීම් සිදුකිරීමට එම කැබිනට් ත්‍රිකාව ඉදිරිපත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි.

අහිතකර බැක්ටීරියා එම කාබනික පොහොරවල ඇති බව සදහන් වීම හේතුවෙන් එම පොහොර තොගය මෙරටින් භාර නොගත් අතර පොහොර රැගත් නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදු තීරයේ යාත්‍රාකරමින් නැංගුරම්ලාමින් තිබුණි.

පසුව ඉකුත් 10 වෙනිදා නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රාකරනු ලැබීය.

පොහොර තොගය භාර නොගැනීම හේතුවෙන් චීන සමාගම ඩොලර් මිලියන 08 ක වන්දියක් මෙරටින් ඉල්ලා සිටියේය.