එයාර් බස් ගණුදෙනුව ගැන ජනපති නියමයෙන් පූර්ණ පරික්ෂණයක් ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි.

ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේ දී ඇතැම්  පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02දා) සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සහ ඊයේ (01දා) අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණ.

මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිඵල තමා වෙත දැනුම් දෙන්නැයි මාධ්‍ය වාර්තා දුටු ජනාධිපතිතුමා නියෝග කළේය.