ඒඩ්ස් රෝගය ‘නිට්ටාවට’ සුවකළ හැකි බවට ඉඟියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

HIV ඒඩ්ස්  වෛරසය  වැළඳී හිඳ සුවය ලැබූ ලොව ලොව ප්‍රථම කාන්තාව පසුගියදා ඇමරිකාවෙන් වාර්තාවිය .

ඇය එම රෝගයෙන් ගැලවුණු තෙවන පුද්ගලයා ලෙසද සැලකේ . මීටපෙර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද ඇය මෙන්ම hiv ඒඩ්ස් වෛරසය වැළඳී සිට සම්පූර්ණ සුවය ලබා ඇත

ලියුකේමියාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඇයට ප්‍රතිකාරයක් ලෙස බද්ධ කෙරුණු මූලික සෛල ලබාගෙන ඇත්තේ, ඒඩ්ස් රෝගකාරක වෛරසයට ස්වභාවික ප්‍රතිරෝධයක් ඇති අයෙකුගෙනි.

මෙම කාන්තාව වෛරසයෙන් මිදී දැනට මාස 14කි.

පෙබරවාරි 15 දා ඩෙන්වර්හි පැවති වෛද්‍ය සම්මන්ත්‍රණයක දී මෙම රෝගියාගේ සිද්ධිය ඉදිරිපත් කරන ලද අතර, මෙම ක්‍රමය HIV සඳහා කෘත්‍යයාත්මක ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය යි.

රෝගියාට, ඇගේ ලියුකේමියා ප්‍රතිකාරයේ කොටසක් ලෙස පෙකණි වැලේ රුධිර සෛල බද්ධයක් සිදුකර ඇති අතර, එතැන් සිට ඇයට HIV සඳහා වන ප්‍රතිරෙට්‍රෝවෛරස ප්‍රතිකාරය ලබාගැනීමට අවශ්‍ය නොවීය.

මෙම සිද්ධිය, පිළිකා සහ බරපතල රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එම ආකාරයේ පටක බද්ධයක් සිදුකෙරුණු HIV ආසාදිත පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපදයේ සිදුකෙරෙන විශාල අධ්‍යයනයක කොටසකි.

බද්ධ කිරීම සඳහා තෝරාගත් සෛලවල නිශ්චිත ජාන විකෘතියක් ඇති අතර, එයින් අදහස් වන්නේ ඒවාට HIV වෛරසය ආසාදනය නොවන බව යි.

විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, මෙහි ප්‍රතිඵලයක් ලෙස පටක ප්‍රතිග්‍රාහකයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV ප්‍රතිරෝධයක් වර්ධනයකර ගත හැකි බව යි.

 

.