ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ දියණිය එංගලන්තයේ ඡන්ද සටනට

Picture of අසංක

අසංක

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍ය දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට සූදානම්ව සිටී.

ඇය මෙවර එංගලන්තයේ බකිංහැම්ෂයර්හි විශාලතම නගරය වන මිල්ටන් කේන්ස් නගරයේ කවුන්සිලයේ මැතිවරණයෙන් අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වනු ඇත.

ඇය බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය වෙනුවෙන් මෙම මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

සම්මුඛ පරීක්ෂණයක් මගින් ඇය මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තෝරාගෙන තිබේ.