මෙරට පුද්ගලයින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී .
එම එන්නත ලබාගැනීම සඳහා රටවල් රැසක් සමග මෙරට රජය සාකච්ජා ආරම්භ කර ඇති බවත් , එම සාකච්ජා හරහා අසට්රසේනිකා එන්නතේ අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය මෙරටට ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය .
එසේම එය සිදුකිරීමට නොහැකි වුවත් , අසට්රසේනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදුන් කෙනෙකුට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය හැකි බව ලොව පුරා විශේෂඥයින් මේ වනවිට පෙන්වාදී ඇති බවත් ගම්මන්පිල මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව එම මික්ස් ඇන්ඩ් මැච් ක්‍රමය යටතේද , කොවිඩ් දෙවන මාත්‍රාව ලබාදීමට හැකියාව ඇති බවත් ඔහු පැවසීය .