ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
මෙම එන්නතට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත
මිනිසා කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට තරම් හැකියාවක් මෙම එන්නතට ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී.
මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත් සමග බ්‍රිතාන්‍ය විසින් දැනටමත් එන්නත් මිලියන 100 ක් ඇණවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
ChAdOx1 nCoV-19 නමින් මේ වනවිට මෙම එන්නත හඳුන්වා දී ඇත.