ඔමික්‍රෝන් ආසාධිතයින් , මහරෙන් හා මිනුවන්ගොඩෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් 41 දෙනෙකු අද තහවුරු කල අතර  එම පිරිස කටුනායක ගුවන් තොටුපොල, මහර සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ලබාගත් සාම්පල්වලින් හදුනා ගැණුනු බව වාර්තාවේ .

මේ අනුව මේ වනවිට මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාධිතයින් ගණන 45 දක්වා ඉහල නැංවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේය

. ඔමික්‍රොන් ප්‍රභේදයේ නවතම දත්ත අනුව රෝග ලක්‍ෂණ මතුවීමට පෙර යම් පුද්ගලයෙකුගෙන් වෛරසය සීග්‍රයෙන් පැතිරයා හැකි බව තහවුරු කර ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ.