ඔමික්‍රෝන් නිසා රටවල් 8ක විදේශිකයන්ට ශ්‍රී ලංකාව තහනම්

Picture of අසංක

අසංක

රටවල් 8ක සිට එන විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

පසුගිය දින 14 තුළ දකුණු අප්‍රිකාව, මොසැම්බික්, ස්වාසිලන්තය, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටින් යන රටවලට ගිය විදේශිකයන්ට ශ්‍රී ලංකාව පැමිණීම තහනම් කරයි.

දැනට එම රටවලින් පැමිණ සිටින ඕනෑම අයෙක් දින 14ක් නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටින බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

omicron ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රථම වරට නොවැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාවේදී අනාවරණය වූ අතර බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයේ ද හඳුනාගෙන ඇත.

රටවල් ගණනාවක් දැනටමත් දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කර හෝ සීමා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ, මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පාහේ වැඩිවෙමින් පවතින බව ය.