මකායා කියන්නෙ ජයවර්ධනපුර සරසවියෙ මිතුරන් අතර හොදින්ම දන්න නමක්. මේ කියන්න හදන්නෙ නුවන් ධනුෂ්ක මකායා ගැන විස්තරයක් නෙමෙයි. ජපානෙ ඉන්න මකායා තමන්ගෙ යාලුවො කට්ටිය එක්ක පුංචි කාලේ අපේ වීරවරියක් වුණ ඔෂීන් ටෙලි නාට්‍ය රූගත කරපු තැන බලන්න ගියා.

ජපාන රජය මේ ස්ථානය දැන් සංරක්ෂණය කරලා සංචාරකයන්ටත් විවෘත කරලයි තියෙන්නෙ. ටසුරුකො යමගාතා ( Yamagata) ප්‍රදේශයේ තමයි මේ ඔෂීන් ගම්මානය තියෙන්නෙ.
දැන් එහි බොහෝ තැන් ගරා වැටිලා. ඔෂීන් බලපු පරම්පරාවත් දැන් තරුණ විය පහුකරලා මම හිතන්නෙ.

සුගාකෝ හසීඩා ගේ ඔෂීන් අපි ලංකාවේ රසට බැලුවෙ ටයිටස් තොටවත්තයන්ගේ නිපැයුමක් විධියට. එදා අපි දැකපු තරුණ ඔෂීන්ට රගපෑ අයාකො කොබයෂි පසුගිය 2017 වසරේ පළමු වතාවට ලංකාවටත් පැමිණියා.
ඇයව ලංකාවේ ඔෂීන් රසික රසිකාවියන් පිළිගත්තේ මහත් හරසරන්.

ඔෂීන් කියන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි එන්.එච්.කේ රූපවාහිනිය 1983 අප්‍රේල් 4 දා සිට 1984 මාර්තු 31 දක්වා දක්වා ජපානයේ විකාශය කරපු එරට වැඩිම රසික හදවත් දිනාගත් ටෙලිනාට්‍ය මාලවක් බව අප අමතක නොකළ යුතුයි.

මේ තියෙන්නෙ අද ඔෂින් තිරගත කරපු ගම්මානයේ ඡායාරූප. බලන්න ඒ අතීතය මතක් වුණාද කියලා.











