ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේවනවිට ඔස්ට්‍රේලියාව තුල ශ්‍රමිකයින්ගේ හිඟයක් මතුව ඇත
විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හා වික්ටෝරියා ප්‍රාන්තයට මෙහි දැඩි බලපෑම් එල්ල වී ඇත.
එම ප්‍රාන්තවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ද මේවනවිටත් ඉඩ පහසුකම් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්වල කාර්යය මණ්ඩල හිගයක් පවතින බව ද වාර්තා වේ.
මේ අතර ඕස්ට්‍රේලියාවේ තවත් ව්‍යාපාර රැසක් ඔම්ක්‍රෝන් ව්‍යාප්තිය හමුවේ අර්බුදයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට හේතුවී ඇත්තේ ව්‍යාපාරිකයින් හා ශ්‍රමිකයින් බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින් විම හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වීමය
ශ්‍රමිකයින්ගේ හිගය හේතුවෙන් භාණ්ඩ හා සේවා සැපයුම් ක්‍රියාවලියට ද බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ. . පවතින ශ්‍රමික හිගයට පිළියමක් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිස් දිරිමත් කිරීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරි සති 12 තුදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් ඇතුළු අනෙකුත් පිරිස් වීසා අයැදුම්පත් ගාස්තු කපා හැරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙ.
මෙම අසීරු අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවට පැමිණ එරට රැකියා අවස්ථාවල නිරත වන ලෙස ද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙ.