මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වුව ඉදිරියේදී ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යාමට තමන් සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටී
ආණ්ඩුවෙන් කොටසක් ඉවත්ව යන කතාවද හීනයක් බව , දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී මාධ්‍යව්දීන් නැගු ප්‍රශ්න හා අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය ,
ප්රශ්නය – බැසිල් ඇමතිතුමාත් එක්ක දැන් බොහොම ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන්ද ?
“ඕනෙ කෙනෙක් එක්ක ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන් නම් ගමනක් යන්න අපි සූදානම්. ඒක කවුද කියන එක අදාළ නෑ”
ප්රශ්නය – මාධ්‍ය වල වැඩිය පේන්න නැහැනෙ. මොකක් හරි කැපිල්ලක්වත් තියෙනවද රජයත් එක්ක ?
“මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නැහැ”
ප්රශ්නය – පවතින රජයත් එක්ක ?
“රජයත් එක්ක කැපිල්ලක් තියෙනවා කියලා මං පේන්න නැතිවෙන්නෙ මොකටද ?”
ප්රශ්නය – මොකද කට්ටියක් කඩාගෙන යන්න හදනවානෙ, ඉතිං ඒකෙ ඔබතුමාත් ඉන්නවද පිටිපස්සෙන් ?
“කවුද කොහෙද කට්ටියක් කඩාගෙන යන්නෙ ?”
ප්රශ්නය – එහෙම ආරංචියක් තියෙනවා අපට ….
“ඔයා හීනෙන් මොකක් හරි දැකලා …. හීනයක් දැකලා”