ඕනෑම සාර්ථක කොවිඩ් එන්නතක්, දැරිය හැකි මිලකට ලොව පුරා රටවලට කිසිදු භේදයකින් තොරව ලබාදීමට ජී-20 රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පලවී ඇත.
කිසිදු රටක ආර්ථික මට්ටම නොබලා මෙම එන්නත් සදහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට කටයුතු යෙදීමටද මෙම සමුළුවේදී එහි සාමාජික රටවල් එකඟතාවය පළකර ඇත.
මේ හරහා ලොව පුරා සෑම රටකටම සම අයිතිවාසිකම් හිමිවන ලෙස මෙම එන්නත බෙදාහැරීමේ ක්‍රියාවලිය දියත් කිරීමටද සැලසුම් සැකසිය යුතු බවද වීඩියෝ තාක්ෂනය ඔස්සේ පවැති මෙම සමුළුවේදී ජී-20 නායකයින් පිළිගෙන ඇත.