ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ ගුවනේ සිට නිරීක්ෂණ සිදු කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 5 ක් ලබා දීමට ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය පියවර ගෙන ඇත .

ස්වභාවික ආපදා ස්ථාන තක්සේරු කිරීම මෙන්ම සමුද්‍රීය මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සදහා ද ඒවා යොදාගැනීමට නියමිත බව මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .

ඩ්‍රෝන තාක්ෂණය මගින් නිරීක්ෂණ කටයුතු පිළිබද සබදතා ශක්තිමත් කර ගැනීමට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව එකගතාවකට පැමිණ ඇති බවද එම කාර්යාලය සඳහන් කර ඇත .

මිනිස් ජාවාරම් වැළැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය දක්වන සහයට ඕස්ට්‍රේලියාව ප්‍රසාදය පළ කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති උත්සවයකදී සංකේතාත්මකව ඩ්‍රෝන යානා පරිත්‍යාග කර තිබේ.