විශේෂ කාර්ය බලකාය විසින් කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ නිවසක සිදුකරන ලද වැටලීමකදී ,පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් සහ පතොරම් දහසකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පොලීසියට පවසා ඇත්තෙ මේවා සඳහා බලපත්‍ර ඇති බවය.
අක්කර 50ක පමණ පොල්වත්තක් මැද පිහිටි නිවසක තිබි වැටලීමේදී නැමැති 41 හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඇතුළු අවිආයුධ කටාන පොලිසියට භාරදී තිබේ.