ගෝලීය නව කොරෝනා වසංගතය හේතුවෙන් කටාර් රාජ්‍යයේ අපහසුතාවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
කටාර්හි දෝහා සිට යූඑල් -218 ශ්‍රී ලංකන් ගුවන් යානය අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.
ගුවන්තොටුපළට පැමිණි පසු ඔවුන් සතුව තිබූ බඩු බාහිරාදිය විෂබීජහරණය කරන ලදී.
ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකය සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් පරීක්ෂා කර බලා කොරෝනා වෛරස් රෝග ලක්ෂණ තිබේදැයි සොයා බැලීය.
අනතුරුව සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලදී.