කටුගස්තොට 5 මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී – බර වාහනවලට යාම තහනම්

Picture of අසංක

අසංක

යළි දැනුම් දෙන තුරු කටුගස්තොට-කුරුණගල මාර්ගයේ බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටීි.

කටුගස්තොට-කුරුණගල මාර්ගයේ මහල් 5 කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් අද සවස හදිසියේම කඩා වැටී තිබේ. අනතුරින් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.

මෙය මහනුවර-කුරුණෑගල පාරේ කටුගස්තොට හන්දියේ සිට කිලෝමීටර 2 ක් දුරින් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් බව එම මධ්‍යස්ථානය කියයි.