කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ එළඹෙන අගෝස්තු පළමුවැනිදා , සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත නොවනු ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා අධිකාරිය අනාවරණය කර සිටී.
ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටී
ලොව පුරා රටවල් රැසක තවදුරටත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර තිබීම මීට ප්‍රධාන හේතුව වී ඇත.
කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය .