කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න ජාතික ප්‍රතිපත්තියක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය ,සමස්ත ආර්ථිකය කෙරෙහිද බරපතල ඍනාත්මක බලපෑමක් එල්ල කර ඇති බවත් ඒ අනුව රටේ ආර්ථිකය කඩිනමින් නැංවීම සඳහා මේ අවස්ථාවේ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවත් ,ලංකා වානිජ්‍ය මණ්ඩලය(සිලෝන් චෙම්බර් ඔෆ් කොමස් ) අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් වැඩි වශයෙන්ම හානියට පත් , සංචරක කර්මාන්තය ආදී ක්ෂේත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්තීන් සැකසීමට රජය පියවර ගත යුතු බව , ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍ය වරයා වෙතද ලිපි යොමු කරමින් වානිජ්‍ය මණ්ඩලය අවධාරණය කර ඇත.

එකිනෙකාට චෝදනා නැගීම අත්හැර ජනපතිවරයා හා අගමැතිවරයා රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට පියවර ගත යුතු ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලය මෙම ලිපි මගින් අවධාරණය කර ඇත.