කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 492ක් වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (13) සවස මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.
මෙම 492 ගෙන් 429 ක් පුනරුත්ථාපනය වන අය බවත් 47ක් කාර්ය මණ්ඩලයේ අය බවත් තවත් 16ක් ඔවුන් හා සම්බන්ධ වූ අය බවත් හමුදාපතිවරයා පැවසීය.
මෙයට රාජංගනයේ අය ද ඇතුළත් බව හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සියලු විස්තර එදිනම පසුගිය මාස තුන හතර තුළ කටයුතු කළ බවත් ඒ ආකාරයෙන් ම ඉදිරියේ දීත් විස්තර
ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයන්ට දැන්වීමට අනිවාර්යෙන් ම කටයුතු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේ ය.