යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ කල් වේලා ඇතිව කෙටි පණිවිඩයක් හරහා පාරිභෝගිකයින් දැනුවත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි
ඊට අමතරව විදුලි කප්පාදුව සිදු කරන වේලාවන් සහ ප්‍රදේශ පිළිබඳව සිය වෙබ් අඩවියේද පළ කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසුවේ .
. කෙසේවෙතත් අද දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.
කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හට ගත් දෝෂයක් සහ ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබා දීම ඉකුත්දා අත්හිටුවීම හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් සිදු කර තිබින .
කෙසේවෙතත් ඒ පිළිබඳ විදුලි පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නැත පද්ධතියේ යම් බිඳ වැටීමකදී දින කිහිපයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ලබා ගත යුතු වේ.