රටේ පවතින වත්මන් තත්වය හමුවේ කර්මාන්තකරුවන්ගේ ගැටඑ ඉදිරිපත්කිරීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වාදීමට කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ සඳහා අධ්‍යක්ෂකවරු තිදෙනෙක් පත්කර ඇති අතර මෙමගින් කර්මාන්තකරුවන්ගේ ගැටළු ඔවුන් වෙත ඍජුවම යොමුකර ක්ෂණික විසඳුම් ලබාගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලබා දී ඇත.
කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටඑ අධ්‍යක්ෂක වින්දික පියරත්න මහතා දු. අංක 0713 976406, කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත පිළිබඳ ගැටළු අධ්‍යක්ෂක රසික විජේකෝන් මහතා දු. අංක 0113 158114 හා ආනයන තීරුබදු පිළිබඳ ගැටළු අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය දු. අංක 0770 820775 වෙත සෘජුවම යොමු කල හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දෙයි.