දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ආරක්ෂක අංශ විසින් කල්මුනෙයි වැටලීම සිදුකරන අවස්ථාවට ආසන්නව තිබියදී ඒම ත්‍රස්ත සාමාජිකයන් විසින් වීඩියෝ 3ක් මුදාහැර තිබේ.
ඒම වීඩියෝ 3 තුළ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත සාමාජිකයන්, දරුවන් ද සිටින අතර කාන්තාවන්ගේ හා දරුවන්ගේ හඩ ද වීඩියොවෙන් ඇසේ.
මෙම ස්ථානයේ මීගමුවේ ප්‍රහාරකයාගේ බිරිද, සහරාන් හාෂිම්ගේ බිරිද හා මඩකළපුව ප්‍රහාරකයාගේ බිරිද ද සිට තිබේ.
පිපිරීමෙන් තුවාල ලබා දිවි ගලවාගෙන ඇත්තේ සහරාන්ගේ බිරිද බවට අනුමාන කෙරේ.
වීඩියෝවෙන් ඔවුන් ප්‍රකාශ කරන දේ මෙරට තුළ ජනතාවගේ භාෂා විලාශයට වඩා තමිල්නාඩු භාෂා විලාෂයට ආසන්න බව ඇතැම් ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු විශ්ලේෂකයන්ගේ අදහසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ වීඩියෝවේ සිටින ඇගිලි ෙනොමැති අළු පැහැ ටීෂර්ටයක් ඇදගත් පුද්ගලයා බෝම්බ සෑදූ පුද්ගලයා වන්නට ඇති බවයි.
අඩක් ලෙස පවතින ඇගිලිවලින් බොහෝ දේ කියැවෙන බවද ඔහු පිළිබද බොහෝ තොරතුරු හෙළිවනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි.
ඒමෙන්ම මෙම වීඩියොව මගින් ඔවුන් අනතුරු අගවා ඇත්තේ තම සාමාජිකයන් මියගිය ද බෝම්බ පිපිරීම, ප්‍රහාර ඒල්ල කිරීම කිසිසේත් නොනවතින බවයි.
අයිඒස් හිතවාදීන් හා සමාජ ජාල තුළ මෙම වීඩියෝ 3 විශාල වශයෙන් සංක්‍රමණය වෙමින් තිබේ.
මෙම වීඩියෝව සොයාගෙන ඇත්තේ අයිඒස් ත්‍රස්තවාදීන් අතර පවතින ‘චැට් ගෲප්’ ඒකකින් බව ද වාර්තා වේ.