කල්මුනෙයිහිදී පුපුරුවාගත් ඇගිලි නැති පුද්ගලයා ත්‍රස්ත සංවිධානයට බෝම්බ සැකසූ අය බව හෙළිවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කල්මුනෙයි ප්‍රදේශයේ නිවසක පුපුරුවාගෙන මියගිය බෝම්බකරුවන් අතර සිටි ඇගිලි නොමැති පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රන් ආභරණ අලෙවිසලක හිමිකරුවකු බවට සැකපළ කෙරේ.

ඔහු එම සංවිධානය වෙත බෝම්බ සැකසූ පුද්ගලයා ලෙස ද සැකකෙරෙන අතර පුපුරණ ද්‍රව්‍ය සැකසීමකදී ඇගිලි කැඩී ගොස් ඇතැයි සැක කෙරේ.

කල්මුනෙයි බෝම්බකරුවන් සිටි නිවස ආරක්ෂක අංශ වැටලීමට ආසන්නව තිබියදී සැකකරුවන් විසින් විවිධ ප්‍රකාශ ඇතුළත් කරමින් වීඩියෝවක් මුදාහැර තිබුණි.