රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.
විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩ නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා රාත්‍රියේ පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය