කසළ මගින් විදුලිය නිපදවන මෙරට පළමු බලාගාරය විවෘතවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (17) දින  විවෘත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය.

කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා එමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ. එසේම පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා එම ව්‍යාපෘතිය තිරසර විසඳුමකි. කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව එම ව්‍යාපෘතියට දායක වී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් සමාගම එම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15කි. වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව උදා වේ.