කහ තිත් පළඟැටියා දුටුවොත් 1920 අමතන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති කහ තිත් පළඟැටියා දුටුවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය මේ වන විට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති.

තිත් පළගැටියාගේ ශරීර ලක්ෂණවලට සමාන ලක්ෂණ මෙම පළගැටියන්ගෙන් පෙන්නුම් කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති.