කළුතර පොලිස් කොවිඩ් රෝහල ඉවත් කරයි

Picture of අසංක

අසංක

කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ පොලිස් නිලධාරීන්ගේ කොවිඩ් රෝහල ඊයේ සිට ඉවත් කර තිබේ.

මෙම රෝහල හබරාදූවේ පිහිටි කොවිඩ් රෝහල සමග ඒකාබද්ධ කර ඇත.

ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරීන් වැඩි ප්‍රමානයක් බඳවා ගැනීමට නියමිතව ඇති බැවින් එම පොලිස් පුහුණුව සඳහා ඉඩකඩ මද වීම හේතුවෙන් මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිදහස් කරගැනීමට කොවිඩ් රෝහල ඉවත් කර ඇත.

මාස 6 කට පෙර 6කට පෙර පිහිටුවන ලද මෙම කොවිඩ් රෝහලේ පොලිස් නිලධාරීන් 1100ක් කොවිඩ් ප්‍රතිකාර ලබා ඇත.

දැනට ශ්‍රී ලංකා පොලිසියේ කොවිඩ් රෝහල් තුනක් ස්ථාපිත කර ඇත.

ඒ කුණ්ඩසාලේ, හබරාදුව සහ කළුතර covid රෝහල් ය.

සෙසු කොවිඩ් රෝහල් දෙකම තවදුරටත් ක්‍රියාත්මක වේ.