කළු සල්ලි සුදු කරන උගන්ඩාව බ්ලැක්ලිස්ට් පෝලිමේ

Picture of අසංක

අසංක

උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය ජාත්‍යන්තර පද්ධති විසින් අසාදු ලේඛනගත කිරීමේ අවදානමකට මුහුණ පා තිබේ.

උගන්ඩාවේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් වාර්තා කළේ මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය අපරාධ ඵලදායි ලෙස වැළැක්විය හැකි පියවරයන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුව ඇති බවයි

මෙය මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා G7 රටවල මුලපිරීම මත ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ඉල්ලීමකි.

උගන්ඩාව මේ වනවිට ‘අළු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇත.

එය ඔවුන්ගේ මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව හෝ අවදානම් මට්ටම සම්බන්ධයෙන් රටවල ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ලැයිස්තුවකි.

2018 දී මුදල් අමාත්‍යාංශය, මූල්‍ය බුද්ධි අධිකාරිය (FIA) සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලද උගන්ඩාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුල්‍යකරණය කිරීමේ අවදානම් තක්සේරු වාර්තාව FATF විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙය සිදුවිය.

උගන්ඩාවේ මූල්‍ය අංශය අසාදු ලේඛනගත කිරීමට යුරෝපා සංගමයට පදනම් වූයේ ද මෙයයි.