ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මත්කුඩු බෙදාහැරි බවත් හෙළිවේ

Picture of අසංක

අසංක

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ශෙහාන් මදුසංක කලක සිට මත්කුඩු බෙදාහැරීමේද නිරත වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 23 වැනිදා ය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 2 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකාර 25 හැවිරිදි ක්‍රීඩකයා මත්කුඩු භාවිතයට ද ඇබ්බැහි වූවකු බව හෙළිවී තිබේ.

කලක සිට ඔහු පිළිබඳ ලද තොරතුරු ඔස්සේ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වී තිබේ.

මේ තත්ත්වය මත ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මඩුශංක ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරයේ ක්‍රියාකාරකම් හා තරගවලින් අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.