ක්‍රිකට් පාලක මණ්ඩලය ගැනත් ‌වෝහාරික විගණනයක්

Picture of අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේදී වෝහාරික විගණනයක් සිදුකරන බව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

වැදගත් යැයි සිතන පුද්ගලයන්ගේ වංචනික ක්‍රියාකලාපය පිළිබද සිය ‌නොසතුට පළකරමින් ශ්‍රී ලංකා මහබැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව පිළිබද සිහිගන්වමින් ‌හෙතෙම ‌මේ බව කියාසිටියේ කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි.

රාජ්‍ය සේවයේ වසරකට දූෂණ සිද්ධීන් 5000ක් පමණ වාර්තා වන බව ද ‌හෙතෙම ඒහිදී අනාවරණය ක‌‌ළේය.

සෑම වසරකම  දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වුවහොත් රටේ පවතින විසදාගැනීමට අපහසු ප්‍රශ්න පවා විශාල වශයෙන් සිදුකළ හැකි බවද ඒ මහතා එහිදි කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සුදු කරපටි වංචා වැඩි වී ඇති බව ‌හෙතෙම ‌පෙන්වා ‌දුන්නේ ය.