ක්‍රිකට් වංචා සෙවීමට කොමිසමක් පත්කරන්න – අර්ජුන , අගමැතිගෙන් ඉල්ලා සිටී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අදට වසර 25ක් සපිරෙන “96 විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් විජයග්‍රහණය” වෙනුවෙන් සැමරුම් උත්සවයක් ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.අරලියගහ මන්දිරයේදී අද පැවැත්වින .

එම ජයග්‍රහණයට උරදුන් අර්ජුණ රණතුංග ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක්  ඒ සදහා එක්ව සිටි අතර  එම තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය මේ   දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි තරගාවලියට එක්වීම හේතුවෙන් මෙම අවස්ථාවට එක්වී නොසිටියේය ,

අසංග ගුරුසිංහද නයිජීරියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම හේතුවෙන් ඔහුද මෙම සැමරුමට එක්වීම අවස්ථාව හිමි වී නැහැ.

ඔවුන් දෙදෙනා හැර 96 ශ්‍රී ලංකා ලෝක කුලසලාන කණ්ඩායම නියෝජනය කළ සියලූ ක්‍රිඩකයින් ඇතුලූ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ ..

මෙම සැමරුම් උත්සවය අමතමින් 96 ලෝක කුසලාන කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ අර්ජුණ රණතුංග මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ක්‍රිකට් වංචා සෙවීම සඳහා ක්‍රිකට් කොමිසමක් පත් කරන ලෙසය.