අදට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා කාර්ය මණ්ඩලයක් පමණක් සිටින මෙරට පළමු ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ.
ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගමේ UL-306 දරන ගුවන් යානය කොළඹ සිට සිංගප්පූරුව බලා පිටත් වූයේ මගීන් 170 දෙනකු ද සමගිනි.
ගුවන් නියමු සිම්රන් ගුම්මාන් සහ සහය නියමු මනීෂා නම්බුගේ ඇතුළු කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කාර්ය මණ්ඩලයකින් යුතුව මෙම ගුවන් යානය යළිත් කොළඹට පැමිණීමට නියමිතය.
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/53292284_2233309723604045_4056045639782367232_n-1.jpg)
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/53320035_251163072488854_3676214314265477120_n-1.jpg)