කාබුල් නුවර කාර් ‌බෝම්බයක් පුපුරයි -14ක් මරුට – 145ක් තුවාල

Picture of අසංක

අසංක

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට අද කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 14 දෙනකු මියගොස් 145 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට වාර්තා පවසයි.

තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ කාබුල් නුවර පිහිටි පොලිස් ස්ථානයක් සිය ඉලක්කය වූ බවයි.

කෙසේවෙතත් ප්‍රහාරය එල්ල වී තිබුණේ පොලීසියේ ආධුනිකයන් බදවා ගැනීමේ ස්ථානයකට ය.

පොලිස් නිලධාරීන් 4 දෙනෙක් හා සෙසු අය සිවිල් ජනතාව බව ඇෆ්ගන් රජය පවසා තිබේ.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් හා ළමුන් වන බව ද රජය සදහන් කර ඇත.

තලෙයිබාන් කැරලිකරුවන්  පවසන්නේ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සියගණනක් පොලිස් නිලධාරීන් බවයි.