කාරක සභා සාමාජිකයන් පත්කිරීම ගැන සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් හෙට දින පස්වරු 12.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු නව සැසිවාරයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාව, මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

එසේම පාර්ලිමේන්තු සැසිවාරයේ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී යම් වැදගත් එකඟතා කිහිපයක් ඇතිකරගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා the colombo express වෙත සඳහන් කළේය.