කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ රැසක අද දිනයේ දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම්දී සිටී.

විශේෂයෙන්ම උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් මෙම උණුසුම් කාලගුන තත්වය දක්නට ලැබෙනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මේ හේතුවෙන් විශේෂයෙන් ජලය වැඩි වශයෙන් පානය කිරීමට හා සෙවණ සහිත ස්ථානවල ගැවසීමට ද ජනතාව වග බලාගත යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.

පැතුම් වික්‍රමරත්න