කැකිරාව මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක්

Picture of අසංක

අසංක

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද පෙරවරුවේ ගින්නක් ඇතිවී තිබේ.

ගින්න පාලනය සඳහා ගිනිනිවීමේ රථ කැඳවා ඇත.

මේ පිළිබඳ අනුරාධපුර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනය සඳහාත් මාර්ගයේ රථවාහන හැසිරවීම සඳහාත් පොලිස් කණඩායම් කිහිපයක් ඒ වෙත යවා ඇතැයි පොලිස් මූලස්ථානය පැවැසීය.

රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට කැඳවීමට පොලීසිය කටයුතු යොදමින් සිටියි.