කැටගොඩට මාස 2න් කළ කම් පල දේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාල ලිපිලේඛන භාරදී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් ඊයේ (13) එම ලිපිලේඛන ගෙනැවිත් භාරදුන් බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

කොමිසම රැස්වී නව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.

ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි අයෙක් වන අතර පසුගිය ජුලි 6 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්කරගැනීම වෙනුවෙන් සිය මන්ත්‍රී ධුරය ස්වකීය කැමැත්තෙන් ලබාදී ඉල්ලා අස්විය.

කබ්රාල් මහතා ඉවත්වීමෙන් අනතුරුව ජයන්ත කැටගොඩ මහතා මෙලෙස යළි පාර්ලිමේන්තුවට පත්වන්නේ මාස දෙකක් පමණ ගතවූ තැන ය.