කැන්ටින් අරින්න පාසල්වලට අවසර

Picture of අසංක

අසංක

පාසල් තුළ දිවා ආහාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පාසල් ආපන ශාලා යළි විවෘත කිරිමට රජය විසින් අවසර ලබාදී ඇත.

ඒ අනුව, නියමිත සෞඛ්‍යය ක්‍රමවේදයන්ට යටත්ව ලබන 14 වැනිදා සිට පාසල් දිවා ආහාර වැඩසටහන හා පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවසර හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන්, පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්යංශය නිවේදනය කර ඇත.

විවේක කාලවලදී ආපන ශාලා වෙත සිසුන් විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් නියාමනය කළ යුතු බව ද, අදාළ නිවේදනයේ සඳහන් වේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි නම් පමණක්, ආපන ශාලා විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවද, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර ඇත