කොල්ලුපිටිය සන්හීල් හෝටලයේ 5 වැනි මහලේ කාමරයක රැඳී සිටි පාකිස්ථානු ජාතිකයකු හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්‍ය බළකා බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 7 වැනිදාය.
ගුවනින් පැමිණ තිබූ සැකකරු හෙරොයින් මත්කුඩු කිලෝ 10කට අධික ප්‍රමාණයක් ගෙනැවිත් මෙම හෝටලයේ තබාගෙන අලෙවි කර ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමත් සමගම හෝටලයේ හිමිකරු වන කැරොකේ වසන්ත නමැත්තාගේ සහෝදරයා එහි පැමිණ ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පොලීසියට සඳහන් කර ඇත.
නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.