කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ වහාම වෛද්‍ය පරීක්ෂාවක්

Picture of අසංක

අසංක

කැලණිය කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ බියගම පොලිස් ස්ථානාධිපති ලක්මාල් අමරසේකර මහතා ඊයේ පැවැත්වූ පොලිස් නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් අතරතුර හිටි හැටියේ මියයාමත් සමග ය.

ලක්මාල් අමරසේකර මහතා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර ඔහු බෝ නොවන රෝග කිහිපයකින් පෙළුණු අයෙක් බවට දැනගන්නට ලැබී ඇත.

පවතින වසංගත තත්ත්වය හමුවේ ද පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.