කෑගල්ලේ තත්වය අවදානම් , අලුත් කොවිඩ් ප්‍රභේදයක්දැයි සැකයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෑගල්ලේ කොවිඩ් 19 ආසාදිත නියැදිය අවදානම් සහගත බවක් පෙන්නුම්කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතරු අඟවා සිටී .

කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දින දෙකක පමණ කාලය තුළ වාර්තා වී ඇති රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්  දැඩි ලෙස  රෝග ලක්ෂණ පෙන්නුම්  කරමින්  ඇති බවද අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අනාවරණය කළේය .

ඇතැමුන්ට තද උණ තත්ත්වයන් පවතින බව සිය ශාඛා සංගම් විසින් පවසා තිබෙන බව හරිත අළුත්ගේ මහතා මෙහිදී  කියා සිටියේය

කෑගල්ලේදී හමුවූ වැඩි පිරිසකට මෙසේ  රෝග ලක්ෂණ තදින්  පැවතීම  ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී

රට තුළ අළුත් කොවිඩ් ප්‍රභේද හඳුනාගැනීම සීමා සහිත වන වන අතර සාමාන්‍ය රසායනාගාර තුළ එය හඳුනාගත නොහැකි හෙයින් මේ කෑගල්ලේ සාම්පල ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ රසායනාගාරයට හෝ යොමුකර තත්ත්වය තහවුරු කරගත යුතු බවද අළුත්ගේ මහතා සඳහන් කරන ලදී.

ප්‍රමාදයකින් තොරව එය සිදු විය යුතු අතර ලංකාව තුළද නව ප්‍රභේදයක් ඇතිවෙමින් පවතින්නේද යන්න හඳුනාගැනීම කළ යුතු බව ඔහු අවධාරණය කළේය .

.