කිංග්ස්බරි බෝම්බකරුගේ දේහය පවුලෙන් එපා කියලා – බොරැල්ලේ භූමදානයට නියෝග

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ භූමදාන කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයා වෙතය.

බෝම්බකරුගේ මෘත ශරීරය භාරගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.