කුඩු රුවන්ගේ නිවස වටලද්දී එජාපයේ ආසන සංවිධායකයෙක් ඇවිත්

Picture of අසංක

අසංක

මරණ දඩුවම ලබාසිටින පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරු කුඩු රුවන් නමැත්තාගේ නිවස ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වට කර පරීක්ෂා කිරීම අරඹා විනාඩි 5ක් ගතවීමටත් පෙර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් එම ස්ථානයට පැමිණ ඇත.

ඔහු නිවස තුළට යාමට දැඩි උත්සහයක් ගෙන ඇත.

ඔමෙන්ම විනාඩි 15ක් ගතවීමට පෙර කුඩු රුවන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් නිවසට පැමිණ තිබුණි.

මෙහෙයුම අවසන් වනතුරු කිසිවකුට අවසර දී නොමැති අතර මොවුන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සදහා දැඩි බලපෑමක් කර ඇත.

දෙමටගොඩ පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය පෙනෙන මානයේ පිහිටි දෙමටගොඩ රුවන්ගේ මෙම නිවස මෙතෙක් කලක් කිසිදු පොලීසියකින් පරීක්ෂා නොකිරීම පිළිබ`ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ කතාබහට ලක්ව ඇතැයි වාර්තා වේ.

නිල නොවන මට්ටමින් මෙම නිවසට ඇතැම් පොලිස් නිලධාරින් ආරක්ෂාව ලබාදී ඇති බවට ද හෙළිවෙමින් පවතී.

ඒ හේතුවෙන් පොලිසිය වටලන්නේ නැතැයි යන විශ්වාසය මත අවිආයුධ ආදිය නිවස තුළ තිබී ඇති බව අනාවරණය වී ඇත.

එම සුඛෝපභෝගි නිවසේ තිබී මුදල් තොග, සුඛෝපභෝගි වාහන කිහිපයක්, අවි ආයුධ හා මත්කුඩුද තිබූ බව වාර්තා විය.
දම්පත් රණසිංහ