නාවලපිටිය දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම දමා ගිය කසල බෑගයක් සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසියේ කොස්තාපල්වරයකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියි.
සපත්තු පාලම අසලදී පසුගියදා කසළ බෑගයක් තිබී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබද සැළකිලිමත් වී පොලීසිය කැදවා තිබුණි.
කසළ බැගීය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඇත්තේ ආපන ශාලා රිසිට්පත් තොගයකි.
ඒ අනුව අදාළ ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් පොලීසිය මේ පිළිබද ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඉහත කොස්තාපල්වරයා තමාගේ හිතවතකු බවත් ඔහු හා ත්‍රිරෝද රථ රියදුරකු පෙර දින ආපනශාලාවට පැමිණි අවස්ථාවේදී කසළ බෑගය කොහේට හෝ දමා යෑමට දුන් බවත් ය.
ඒ අනුව කසළ බෑගය අතරමග දමා ගිය පොලිස් කොස්තාපල්වරයා හා ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන පවත්වයි.
ආපන ශාලා හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.