කුරුණෑගල ප්‍රදේශයක්  හුදෙකලා කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කුරුණෑගල ගනේවත්ත කුඹුක්ගැටේ තිත්තවැල්ගල (GN442) ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.
covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කළේය.
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (21) දිනයේ තහවුරු කර තිබේ.
ඒ් අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළගොස් ඇත.
එසේ මරණයට පත්ව ඇත්තේ සෙවණගල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජාඇළ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඊයේ පස්වරුවේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින්‌ 578 ක් වාර්තා වී තිබිණ.