ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලයේ ලබන උපාධි ප්‍රදානෝත්සවය සඳහා එහි විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට සහභාගි වන බැවින් උන්වන්සේගේ පත්වීමට අප්‍රසාදය පළකිරීම උදෙසා මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෑතකදී පත්කළ අතර ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය (UCSTA) මුල් අවස්ථාවේදී ද විරෝධය පළකර තිබුණි.