කෘමි ගහනය පහළ යයි – ලෝකයම අනතුරක

Picture of අසංක

අසංක

ලෝක කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතවැටීම නිසා ස්වභාවික ආහාර දාමයට බරපතළ ප‍්‍රතිවිපාක එල්ලවනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අගවා තිබේ.

නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර එමගින් තවදුරටත් අනතුරු අගවා ඇත්තේ ස්වභාවික පරිසරි පද්ධතිය ව්‍යසනකාරී බිදවැටීමකට ලක්ව ඇති බවය.

මෙම අර්බුදය හේතුවෙන් ලොව දැඩි පළිබෝධ උවදුරකට ලක්වීමේ අවදානම ද ඉහළ ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දී තිබේ.

ලොව පුරා සිටින කෘමි විශේෂවලින් 41‍%කම ගහණය ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

බෝග පරාගනය බිදවැටීම නිසා මෙය මිනිසාගේ ස්වාභාවික ආහාරම දාමය මුළුමනින්ම බි`දවැටීමේ අවදානමට මුහුණ පා ඇත.

පසුගිය දශකය තුළ ලෝකයේ සමනළුන් හරි අඩක් මියගොස් තිබේ.

එම කාලය තුළ කුරුමිණියන් සහ මී මැස්සන් ද එම ගහණවලින් හරි අඩ බැගින් මියයමින් සිටින බව එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය 30 වසර තුළ යුරෝපය පුරා පියාසර කෘමීන් 80ක් විනාශ වී ඇති අතර මේ හේතුවෙන් පක්ෂීන් මිලියන 400ක් ද අඩුවී ඇත.

කෘමීන්ගෙන් මිනිසුන් ඇතුළු සෙසු ජීවින්ට වාසි රැසක් සැලසේග

කුරුල්ලන්, වවුලන් සහ කුඩා ක්ෂීරපායීන්ට ආහාර සපයන්නේ කෘමීන් ය.

ලොව පුරා අස්වනුවලිනන් 75‍්‍% ක්ම පරාගනය කර පස සාරවත් කරමින් පළිබෝධ පාලනය කරන්නේ ද කෘමීන් ය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි