ප්රබෝධා හෙට්ටිආරච්චිපූජ්ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි නොහොත් කොටුවේ පොඩි හාමුදුරුවෝ ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
ආන්දෝලනයට තුඩු දී ඇති 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි විසින් තමාගේ නම ඈඳමින් පුවත් පළකිරීමට එරෙහිව විමර්ශනයක් කරන ලෙස පැමිණිල්ලක් කිරීම සඳහා බව උන්වහන්සේ පැවැසූහ.
කිසිදු පදනමක් නොමැතිව තමාගේ නම සම්බන්ධ කරමින් මෙවැනි පුවත් වාර්තා වීම පිළිබද විමර්ශනය කරන ලෙස උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.